• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වහල්භාවය නැති කළ යුතුයි – ඇමැති රාජිත 

5 August 2018
in දේශීය

අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම් බවත් අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක් බවත් අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේ දී සිදු කෙරිනි. මේ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 07 කි. හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමියේ ඉදිකරමින් පවතියි. ශිෂ්‍ය නේවාසිකාගාරය තුල පිහිණුම් තටාක, ව්‍යායාම් කිරීමේ මධ්‍යස්ථාන ද ඇතුලත්ය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෑම ක්ෂේත්‍රයක්ම වෘත්තීන් බවට පත් කිරීමේ දී දැනට පවතින උත්තරීතර තත්ත්වය නැති වෙනවා. සමානාත්මතාවය නව මානසිකත්වයක් ඇති වෙනවා. අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම්. වහල් භාවයෙන් සිටිය යුතුයි යන තේමාවෙන් තමයි ඇතැම් අය සිතන්නේ. අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක්. මහ රජාණෝ කියන අය බිහි කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැහැ. පසුකාලීනව තේරෙයි. වර්තමානයේ කරන වෘත්තීයමය සටන් වලට වඩා මම වෘත්තීය සටන් කර තිබෙනවා. අද ඉන්න වෘත්තීය නායකයෝ වගේ නොවෙයි. හැබැයි නූතනයේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. වත්මන් රජය වෘත්තීය සමිති ඉල්ලීම් වලට අවධානය යොමු කරනවා. එවිට හිතනවා දුර්වල රජයක් කියලා. හැබැයි වෘත්තීය සමිති නියෝජිතයින් ගුටි කනකොට හිතනවා ශක්තිමත් රජයක් කියලා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එල්.බී ගුණවර්ධන, හෙද පීඨයේ පිඨාධිපති මහාචාර්ය දේවක වීරකෝන්, නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

Next Post

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ – ඇමැති ගයන්ත

editor

editor

Next Post

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ - ඇමැති ගයන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved