දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රයිට් ෆෝවඩර්ස් සංගමය (SLFFA) විසින් රුපියල් ලක්ෂ 32ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. මෙම උදාර පියවර මඟින් ආපදා තත්ත්වයන් හමුවේ පීඩාවට පත් ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කෙරේ.
ඊට අදාළ චෙක්පත එම සංගමයේ සභාපති ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට සංගමයේ ලේකම් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ සහ භාණ්ඩාගාරික ප්‍රියාන් සීල්මන් යන මහත්වරු ද සහභාගී වූහ.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ විපතට පත් වූවන්ට අවශ්‍ය සහන සැලසීමට මෙම අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට නියමිතය. මෙවැනි සහයෝගීතා ව්‍යාපෘති හරහා රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.













