ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය විසින් අද (03) සංවිධානය කර ඇති විශේෂ උත්සවය වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ, කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් අදාළ කණ්ඩායමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් ලෙස කටයුතු කිරීමට කිසිදු නීතිමය හිමිකමක් නොමැති බවයි. එමෙන්ම, ශ්රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සඳහා තරඟ කළ නොහැකි අක්රිය පක්ෂයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින්ම ප්රකාශයට පත් කර ඇති පසුබිමක, මෙලෙස පක්ෂයේ නාමයෙන් උත්සව සංවිධානය කිරීම නීති විරෝධී බව ද මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














