ඔගස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැති ‘Gem City Ratnapura 2026’ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (International Gem and Jewellery Exhibition 2026) දෙස් විදෙස් දැවැන්ත සහභාගීත්වයක් සහ නියෝජනයක් වාර්තා කරමින් සාර්ථකව අවසන් විය.
ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය අමතමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ (Chathuranga Abeysinghe) මහතා සඳහන් කළේ, රත්නපුර නගරය ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් (Global Hub) බවට පත්කිරීම රජයේ මූලික ඉලක්කය බවයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විදේශ විනිමය ආදායම් ක්ෂේත්රයක් බවට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පත්කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අපනයන ක්‍රියාවලිය සරල කිරීම, පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සහ යෞවනයන්ගේ කුසලතා වර්ධනයට පියවර ගන්නා බව පැවසීය. මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය, එක්සත් ජනපදය, චීනය, ජපානය සහ පෝලන්තය ඇතුළු රටවල් රැසක ව්‍යවසායකයන් සහ නියෝජිතයන් සහභාගී වී ඇත.














