කොළඹ මහනගර සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ (ශ්රීලනිප) මන්ත්රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මන්ත්රී ධුරය භාරගැනීමේදී, වසරක කාලයකින් පසු ඉන් ඉල්ලා අස්වන බවට ලබා දී තිබූ පොරොන්දුවකට අනුව ඇය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඇය සඳහන් කළේ ධුරයෙන් ඉල්ලා අස්වුවද පක්ෂයේ මධ්යම කාරක සභික ධුරයේ කටයුතු වෙනුවෙන් අඛණ්ඩව දායක වන බවයි. ඇයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ මහනගර සභාවේ මන්ත්රී ධුරය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී නව සභිකයෙකු නම් කිරීමට නියමිත අතර, එම නම ගැසට් නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කිරීමට නියමිතය. පක්ෂ අභ්යන්තර තොරතුරුවලට අනුව මෙවැනි එකඟතාවන් මත සිදුවන ඉල්ලා අස්වීම් ශ්රීලනිපය තුළ මීට පෙරද සිදුව ඇති සාමාන්ය ක්රියාවලියකි.














