ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාවය වෙනුවෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සමකාලීන සහ ක්ෂේත්‍රයේ සෙසු කලාකරුවන් එක්ව ඇයට උපහාරයක් ලෙස ඇගේම සදාකාලික මතකයක් වූ “කැන්ඩි ළමිස්සි” ගීතය ගයමින් අවසන් බුහුමන් දක්වා තිබේ.
ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැති ස්ථානයේදී මෙරට ප්‍රමුඛ පෙළේ සංගීතඥයින්, ගායන ශිල්පීන් සහ ඇයගේ සමීපතම මිතුරන් පිරිසක් එක්ව මෙම ගීතය Acapella ශෛලියෙන් (වාද්‍ය භාණ්ඩ රහිතව) ගායනා කර ඇති අතර, එහිදී ගීතයේ පදවැල් “You are my one and only Kandy Lamissi” (ඔබ අපේ එකම කැන්ඩි ළමිස්සි) ලෙස වෙනස් කරමින් ඇයට ඉතාමත් සංවේදී ලෙස සමුදී ඇත. මෙරට බයිලා සහ පොප් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාවය ලාංකීය කලා ලෝකයට පිරවිය නොහැකි පාඩුවකි.














