27 April 2024
#දේශීය

ශ්‍රීලනිපේ මන්ත්‍රීවරුන් රටත් පක්ෂයත් පවා දුන් අයයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටත් පක්ෂයත් පසුගිය 20 වනදා පවා දී අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අදට (22) යෙදී ඇති ශ්‍රී ලංකා ජනරජ දිනය සමරමින්.

මේ වන විට අපේ රට වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව ඇය අනාවරණ කළේය. ඒ අද අපේ රට චීනයේ කොලණියක් බවට පත්වෙමින් ඇති බව කුමාරතුංග මහත්මිය කියා සිටියේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙන්ම රටේ ජනතාව පවා වැරදි කියු නමුත් රටේ ජනතාවට එලියට බහින්න බැරි අවස්ථාවේදී මෙය සම්මත කිරීම වැරදි ක්‍රියාවක් ඇය අනාවරණ කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෙන්ම පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් දැන් පොහොට්ටුවේ පක්ෂයක් මිසක් වෙනම පක්ෂයක් නොවන බව කුමාරතුංග මහත්මිය කියා සිටියේය.

එසේම පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂම මෙන්ම රට ද පවා දී අවසන් බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *