27 April 2024
#දේශීය

ප්‍රසන්නගෙන් වීරකුමාරට පිළිතුරු ලැබෙයි : බලු ගුණ කියා නරි ගති මතුකරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය නොදෙන්නැයි තමා විසින් පැවසූ විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ අය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග  අවධාරණය කරයි. 

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් ඊයේ(09) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ පවසා සිටියේ පොහොට්ටු බල්ලන් බැඳීමට නායකත්වය කටයුතු කළ යුතු බවය.

 මහින්ද  රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ව කථා කීරීමට අයිතියක් නොමැති බවත් රණතුංග අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයාගේ මේ ප්‍රතිචාර දැක්වීම අද (10) මහර ප්‍රදේශයේ දී සිදුකළ අතර  ඔහු වැඩිදුරටත් පැවසුවේ වීරකුමාරලා වැනි මෛත්‍රී ගේ ඩීල් කාරයන් පිළිබද ව ජනතාව ඉදිරි මැතිවරණයේ දී තීන්දුවක් ගනු ඇති බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග එහිදී වැඩිදුරටත්  මෙසේ ද කීවේය.

“වීරකුමාර මන්ත්‍රීතුමා වල්ගේ පාගගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා කියලා  මම කීව්වේ නෑ. 

මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු යහපාලන ආණ්ඩුවක් හදාගෙන රට විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උකුස්සා කථාව කිව්වට පස්සේ ඔහු නැවත ඒ දේ කරන්නයි සුදානම් වෙන්නේ,ඒකට ඉඩ දෙන්න බෑ  කියලා.ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලයි. 2015 දි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද මහතත්යාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්කු ගිය වීරකුමාර රටට ණය වෙලා ඩීල් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අරගෙන අද කටමැත දොඩවනවා. මාගේ කථාවට එයාට රිදිලා. 

ඩීල්කාරයන්ට මගේ කථාව රිදෙනවා. එතුමා බල්ලෙකුගේ කථාවක් කියනවා. බල්ලෝ කියන්නේ කළ ගුණ දන්න ජාතියක්. හැබැයි මෛත්‍රී වෙනුවෙන් හරියට හූ කියන්න පුළුවන් නරියෙකුවත් නෑ කියලා  වීරකුමාර ඔප්පු කළා. එතුමාගේ කථාව නරියෙක්ගේ වගේ.“ 

Leave a comment

Your email address will not be published. Required fields are marked *