ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) විධායක කමිටු රැස්වීම පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී මෙම විධායක කමිටු රැස්වීම සංවිධානය කර තිබේ. පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සහ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ විධායක කමිටු සාමාජිකයින් රැසක් එක්ව සිටිති.
















