ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) විධායක කමිටු රැස්වීම පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වේ. කොළඹ නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී මෙම විශේෂ විධායක කමිටු රැස්වීම කැඳවා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම තීරණාත්මක සාකච්ඡාව මේ වන විටත් පක්ෂ කාර්යාල පරිශ්‍රයේදී ඉතා උණුසුම් අන්දමින් පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලනඥයින් සහ විධායක කමිටු සාමාජිකයින් රැසක් සෘජුවම එක්ව සිටිති. ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සහ පක්ෂයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
















