ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාව යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල සහ මුල්ගිරිගල ආසනයන්හි ජනහමු මාලාවක් සාර්ථකව පවත්වා තිබේ
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතාගේ නායකත්වයෙන් සහ තංගල්ල ආසන සංවිධායක ඩී.වී උපුල් මහතාගේ ප්‍රධානත්වයෙන් ජඳුර කොට්ඨාසයේදීත්, මුල්ගිරිගල ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලම්පිටිය කොට්ඨාසයේදීත් මෙම ජන හමු සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී ඇත.














