• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්

11 June 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, ‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය.

නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මගපෙන්වීම් සහ සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

‘Entrepreneurship Studio’ සඳහා තෝරාගනු ලබන අයදුම්කරුවන්ට සති 12 ත් 16 ත් අතර කාලයක් පුරා ක්‍රියාත්මක වන උපදේශන වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහනට පුහුණු සැසි, උපදේශන සැසි, වැඩමුළු සහ කුසලතා පුහුණු කඳවුරු යනාදිය ඇතුළත් වනු ඇත.

මෙහිදී එම ව්‍යවසායකයන්ට, තම ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන අතර, ඔවුන්ගේ තාක්‍ෂණික විසඳුම් වාණිජකරණය කිරීම සහ යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා ද සහය ලබා දෙනු ලැබේ.

මීට අමතරව ව්‍යවසායකයන්ට සිය තාක්ෂණය පදනම් කරගෙන ව්‍යාපාර ආකෘති ගොඩනංවා ගැනීම, ආයෝජකයින් හමුවීම සහ ආයෝජකයන් ජාලයක් නිර්මාණය කරගැනීම, තෝරාගත් පාරිභෝගිකයන් පිරිසක් සමග ව්‍යාපාරය අත්හදා බැලීම වැනි ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා ද මෙහිදී මඟපෙන්වීම් ලබාදෙනු ඇත. ‘Entrepreneurship Studio’ යටතේ උපරිම වශයෙන් ආරම්භක තලයේ ව්‍යාපාර 10 ක් සඳහා රු. මිලියනයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීමටද නියමිත ය.

මෙම වැඩසටහනට ප්‍රදර්ශන දිනයක් ද ඇතුළත් වන අතර එහිදී, තෝරාගත් ව්‍යවසායකයන් සියලුදෙනාට තම ව්‍යාපාරයන් පිළිබඳ විස්තර, විශේෂඥ මඩුල්ලක් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ආයෝජකයන් සහ අනාගතයේදී එම ව්‍යාපාර මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන් යනාදීන්ගෙන් මෙම විශේෂඥ මඩුල්ල සමන්විත වේ.

මෙම වැඩසටහන සඳහා 2021 ජූනි 14 දින දක්වා අයදුම්පත් භාරගැනේ. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට https://slt.lk/EntrepreneurshipStudio වෙත පිවිසී මේ සඳහා ලියාපදිංචි විය හැකි ය.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය ලෙස SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටී. මෙම නව ‘Entrepreneurship Studio’ වැඩසටහන සමගින් මෙරට තුළ තිරසාර ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය වන ශක්තිමත් නවෝත්පාදන පසුබිමක් නිර්මාණය කිරීමටත්, තාක්ෂණ ව්‍යවසායකයන්ට දියුණුව කරා පියනැගීමට අවශ්‍ය මංපෙත් විවර කරදීමටත් SLT-MOBITEL අපේක්ෂා කරයි.

නවක ව්‍යවසායකයන්ට සහ සාම්ප්‍රදායික නොවන චින්තකයන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට නව නිර්මාණ, විසඳුම් හා ව්‍යාපාරයන් බිහි කරමින් අනාගතයේදී සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සහය, හවුල්කාරීත්වයන්, සහ කුසලතා හඳුන්වා දීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වේ. එමෙන්ම සමාජ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ගත් විට ඔවුන් අනාගත පරපුරට ආදර්ශයක් වන, අධිෂ්ඨානශීලී, වගකීම්සහගත හා පුරෝගාමී ව්‍යවසායකයන් පිරිසක් ලෙස ඇගයීමට ලක්වනු ඇත.

 

සටහන –  ogilvy

Post Views: 14
Previous Post

ගුරුවරුන්ට එන්නත්කරණය පසු පාසල් විවෘත කිරීමට ඉඩ සැලසෙයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

Next Post

අනුරගේ එහා පැත්තේ රනිල් අසුන් ගනිවිද?

editor

editor

Next Post

අනුරගේ එහා පැත්තේ රනිල් අසුන් ගනිවිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved