ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඇතැම් ඩිපෝ පාඩු ලැබීමට ප්‍රධාන හේතුව ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම මාර්ගවල ගමන්වාර සංඛ්‍යාව අඩු වීම බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පාඩු ලබන ඩිපෝ නඟාසිටුවීමට රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන්කර ඇති බවයි.
බස් රථ නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීමට සිදුවීම ද මෙම අලාභයට හේතු වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ලංගමයේ පවතින සේවක පුරප්පාඩු පිරවීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය. ඒ අනුව 2026 ජූනි 03 වනවිට රියැදුරන් 387ක්, කොන්දොස්තරවරුන් 229ක් සහ කාන්තා කොන්දොස්තරවරියන් 27ක් අලුතින් බඳවාගෙන ඇති අතර, ඉතිරි පුරප්පාඩු සඳහා ද ලංගම ප්‍රධාන කාර්යාලයේදී මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















