යුරෝපා සංගමය සමඟ සාමාජික සාකච්ඡා යළි ඇරඹිය යුතුද යන්න සම්බන්ධයෙන් අයිස්ලන්තයේ පැවති තියුණු ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුමාන කළ නොහැකි තරම් කරට කර සටනක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජනමත විචාරණය සඳහා ඡන්ද දායකයින් 270,000ක් සුදුසුකම් ලබා තිබූ අතර, ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 153,197කි. ඒ අනුව රජයේ යෝජනාව 50.1%ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, 49.9%ක පිරිසක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














