27 April 2024
#දේශීය

කුඩා තේ වතු හිමියන් අපහසුතාවයට

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඩිසල් සොයා ගැනිමේ අපහසුව නිසා අපහසුතාවයට පත්ව සිටින බව කුඩා ‍‍තේ වතු හිමියෝ පවසයි.

මාතලේ දිස්ත්‍රික්කටේ රත්තොට,යටවත්ත,අඹන්ගගකොරලය,උකුවෙල ආදි ප්‍රදේශවල වැඩි වශයෙන් කුඩා තේ වතු ඇති අතර ඔවුන් මේ තත්වය හමුවේ දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

විශේ‍ෂයෙන් කුඩා තේ වතු හිමියන් තම ඉඩම්වලින් ‍නෙලා ගන්නා තේ දළු නගරයේ පිහිටි තේ කර්මාන්ත ශාලා සදහා තේ දළු රැගෙන යාමේදි නියමිත දිනට ප්‍රවාහන කිරිමට හැකි නොවිම නිසා දැඩි අපහුසාතවයට පත්වන බවද ඔවුහු කියයි.

මේ තත්වය හමුවේ කුඩා තේ වතු හිමියන් පත්වන අපහසුතාවයට වහා පිළියම් යොදන ලෙසද ගොවින් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *