27 April 2024
#දේශීය

අඩු ආදායම්ලාභීන්ට සහන ක්‍රමයට සූර්යබල විදුලි ලබාදෙනවා – විදුලි ඇමැති ගාමිණි කියයි

සහන ක්‍රමවේදයක් යටතේ අඩු ආදායම්ලාභීන් සදහා සූර්ය විදුලිබල සබඳතා ලබාදීමට පියවර ගන්නා ලෙස තමා ලංකා විදුලි පුද්ගලික සමාගමට යෝජනා කල බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රිියාත්මක වන, ලෙකෝ ආයතනයට මුල්ගල තැබීමේ අවස්ථාව මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාතවරයා මෙසේ අදහස් පල කලේය “අතිගරු ජනාධිපතිතුමන් මේ වනවිට විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මට සුවිශාල අභියොගයක් බාරදීලා තිබෙනවා, වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් බවට පත්කිරීමට. අපි ඒ වෙනුවෙන් ව්‍යාපෘතිි රාශියක් දියත්කර තිබෙන අතර මේ වනවිට එම ව්‍යාපෘති වෙනුවෙන් අයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා. රටේ සංවර්ධනයට ක්‍රියාත්මක වනවා වගේම, ජනතා නියෝජිතයන් වශයෙන් අපි නිරන්තරයෙන් ජනතා සුබ සාධනය පිළිබදව සැලකිය යුතුයි. ඒ නිසා මම ලංකා විදුලි පුද්ගලික සමාගමට යෝජනා කළා, සහන ක්‍රමවේදයක් යටතේ අඩු ආදායම්ලාභීන් සදහා සූර්ය විදුලිබල සබඳතා ලබාදීමට පියවර ගන්නා ලෙසට. එමගින් ඔවුන්ට විදුලියේ හිමිකාරීත්වය ලබාදෙන අතරම අතිරික්ත විදුලිය ආයතනය වෙත මිලදී ගැනීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකිවේවි” යැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආගමික වතාවත් යටතේ සිදුවූ මෙම මුල්ගල තැබිමේ අවස්ථාවට, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන්, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉංගකෝන්, සාමාන්‍යාධිකාරි එම්. ආර්. රණතුංග, ලෙකෝ ආයතනයේ සභාපති නීතීඥ අතුල ද සිල්වා, සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු විදුලිබල අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ ලංකා විදුලි පුද්ගලික සමාගම යන ආයතනයන්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *