27 April 2024
#දේශීය

සිය ධූර කාලය අවසන් කරන ඇමරිකානු තානාපතිවරිය විදේශ ඇමැති හමුවෙයි

ඉදිරියේදී සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී සමුගත්තාය.

වෙළෙඳාම, ආයෝජනය සහ ජාත්‍යන්තර සංසද තුළ දී සහයෝගීතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා තානාපති ටෙප්ලිට්ස් මැතිනිය සමඟ සාකච්ඡා කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *