2026 අගෝස්තු මාසයට අදාළ ICC පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ නම් කර තිබේ. ඔහු මෙම සම්මානය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.
ඉන්දියාව සමඟ පැවති ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වූ දිනූෂ, ලකුණු 420ක් රැස් කර ඇති අතර එහි ලකුණු සාමාන්‍යය 140කි.
එම ලකුණු සංඛ්‍යාවට ශතක තුනක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වන අතර, දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට විශාල දායකත්වයක් ලබාදී තිබේ.
















