චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඩිජිටල් පන්තිකාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිත බව රජය පවසනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං අතර සැප්තැම්බර් 16 දින පැවති හමුවේදී මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා. අධ්‍යාපන ඩිජිටල් පරිවර්තන කාර්ය සාධක බලකායේ කටයුතු සඳහා චීනයේ සහාය ද තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
පාසල් සිසුන් සඳහා චීනයෙන් ලබාදෙන නිල ඇඳුම් සහාය වාර්ෂික ක්‍රමවේදය වෙනුවට වසර 3 සිට 5 දක්වා දිගුකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබෙනවා.
















