තම ගොවිපළක තිබූ සෝෆා කට්ටලයක සඟවා තිබූ මුදල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව, තමා ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇති බවට 2022 වසරේදී ඉදිරිපත් වූ වාර්තාවට එරෙහිව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මහතා නීතිමය අභියෝගයක් ගොනු කර ඇති බව eNCA මාධ්‍ය වාර්තා කරයි.
මෙම වාර්තාව පදනම් වී ඇත්තේ අසත්‍ය සාක්ෂි මත බවත්, අදාළ මණ්ඩලය තම බලතල නිසි ලෙස වටහා නොගත් බවත් ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ ලිපිගොනු මගින් තර්ක කරයි. 2020 වසරේදී තම ගොවිපළෙන් සොරකම් කරන ලද ඇමරිකානු ඩොලර් 580,000ක මුදලක් සම්බන්ධයෙන් මෙම අර්බුදය නිර්මාණය වූ අතර, එම මුදල් බැංකුවක තැන්පත් නොකර ගෘහ භාණ්ඩවල සඟවා තැබුවේ මන්දැයි සහ එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව දේශීය මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල විය.ජනාධිපතිවරයා පවසා සිටින්නේ එම මුදල් තම ගොවිපළේ මී හරකුන් විකිණීමෙන් ලැබුණු ආදායම බවයි. මධ්‍යම බැංකු පරීක්ෂණයකින් තමන් විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කර නොමැති බව තහවුරු වුවද, මෙම “ෆාම්ගේට්” (Farmgate) ලෙස හැඳින්වෙන සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.
















