දකුණු චුංචොං පළාතේ චොනාන් නගරයේ රූපලාවන්‍ය හා ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය සකස් කරන කර්මාන්තශාලාවක හඳුනා නොගත් හේතුවක් නිසා හටගත් පිපිරීමක් සහ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව දකුණු චුංචොං පළාත් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (28) පෙරවරු 11:44ට පමණ චොනාන් නගරයේ ඩොන්ග්නම්-ගු (Dongnam-gu) ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්තශාලාවේ මෙම අනතුර සිදුව ඇත. ගින්නෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් අයෙකු රෝහල්ගත කර තිබූ අතර, අතුරුදන්ව සිටි විදේශිකයන් දෙදෙනෙකු සෙවීම සඳහා ගිනි නිවීමේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඔවුන් දෙදෙනාද මියගොස් සිටියදී සොයාගෙන තිබේ.














