ඉන්දියාවේ බහුලව භාවිත වන ‘අභයරැබ්’ (Abhayrab) ජලභීතිකා එන්නතෙහි එක් නිශ්චිත කාණ්ඩයක් (Batch) බාල මට්ටමේ පවතින බවත්, එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් (Spurious/Counterfeit) විය හැකි බවත් එරට ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
රොයිටර් පුවත් සේවය වෙත ලැබී ඇති ඉන්දීය රජයේ නිල ලේඛනයකට අනුව, අදාළ එන්නත් සාම්පලයේ ප්‍රමිතිය සහ සක්‍රීයතාව (Potency Test) අසාර්ථක වී තිබේ. KE25012 දරන මෙම එන්නත් කාණ්ඩයේ බෙදාහැරීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් රාජීව් සිං රගුවංශි මහතා ප්‍රාන්ත ඖෂධ පාලකවරුන් වෙත උපදෙස් දී ඇත. වසරකට ජලභීතිකා මරණ 6,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ ප්‍රධානතම ජලභීතිකා එන්නත් සැපයුම්කරු වන ඉන්දියන් ඉමියුනොලොජිකල්ස් (Indian Immunologicals) සමාගම මඟින් නිපදවන මෙම එන්නත සම්බන්ධයෙන් වසර දෙකක් ඇතුළත මෙවැනි ව්‍යාජ එන්නත් චෝදනාවක් එල්ල වූ දෙවන අවස්ථාව මෙය වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















