ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළ තුළ දකුණු කොරියාව ප්‍රමුඛතම වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස යළි මතුවෙමින් පවතින බව වාර්තා වේ. ලෝකයේ සමස්ත ක්‍රිප්ටෝ ගනුදෙනු පරිමාවෙන් (Trading Volume) 30%ක් පමණ දැනට දකුණු කොරියානු හුවමාරු මධ්‍යස්ථාන සතු වන අතර, එහි ඇති විශේෂත්වය වන්නේ එම ගනුදෙනු ප්‍රමාණයෙන් 85%ක්ම ‘ඇල්ට්කොයින්’ (Altcoins) සඳහා වෙන්වී තිබීමයි.
බිට්කොයින් (BTC) සහ එතිරියම් (ETH) ප්‍රධාන වශයෙන් ගනුදෙනු වන ඇමෙරිකාව වැනි රටවලට සාපේක්ෂව, දකුණු කොරියාවේ බිට්කොයින් ගනුදෙනු ප්‍රමාණය පවතින්නේ 9%ක වැනි අඩු මට්ටමකය. දකුණු කොරියානු වොන් (Won) මුදල් ඒකකය පදනම් කරගත් වෙළඳ ව්‍යුහය හේතුවෙන් ඇතැම් ඇල්ට්කොයින් සඳහා ස්වාධීන වටිනාකම් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත. එන්ජින් කොයින් (ENJ) සහ XRP වැනි කාසිවල මිල ගණන් තීරණය කිරීමේදී දකුණු කොරියානු වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය ගෝලීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














