මධ්‍යම පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ගෝලීය සමුද්‍රීය ප්‍රවාහන සේවාවලට එල්ල වී ඇති බලපෑම් හමුවේ, දකුණු කොරියාව විසින් පළමු වී වරට ආර්ක්ටික් (Arctic) සාගර මාර්ගය හරහා යුරෝපය වෙත වාණිජ කන්ටේනර් නෞකාවක් යැවීමට පියවර ගෙන තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් දිය වී යන මුහුදු අයිස් හරහා විවෘත වී ඇති මෙම නව සමුද්‍රීය මාර්ගය වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත්ද යන්න පරීක්ෂා කර බැලීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ වී ඇත. බුසාන් නව වරායෙන් (Busan New Port) ගමන් ආරම්භ කළ **පැන්ස්ටාර් ඇක්රෝ (PanStar Acro)** නම් කන්ටේනර් නෞකාව අදාළ අත්හදා බැලීමේ ගමන සඳහා පිටත්ව ගිය බව සෝල් හි සාගර හා මසුන් ඇල්ලීමේ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත්, ආසියාව සහ යුරෝපය අතර භණ්ඩ ප්‍රවාහන කාලය සහ දුර ප්‍රමාණය අවම කර ගැනීමට නව මංපෙත් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















