දකුණු කොරියාවේ පර්යේෂණ කර්මාන්තය (Research Industry) තුළ ක්‍රියාත්මක වන සමාගම් සංඛ්‍යාව 21,007ක් දක්වා සියයට 6.1කින් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී එම අංශයෙන් උපයා ඇති සමස්ත ආදායම දකුණු කොරියානු වොන් ට්‍රිලියන 28.6ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් පමණ) දක්වා වර්ධනය වී ඇති බව එරට විද්‍යා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. මෙම ආදායමෙන් වොන් ට්‍රිලියන 25.9ක් දේශීය වෙළඳපොළෙන් ද, වොන් ට්‍රිලියන 2.7ක් විදේශීය වෙළඳපොළෙන් ද උපයා තිබේ. පර්යේෂණ කර්මාන්තයේ ප්‍රධාන අංශ හතර අතුරින් වැඩිම ආදායමක් හිමිකරගෙන ඇත්තේ ‘ගිවිසුම් පදනම් කරගත් පර්යේෂණ’ (Contract Research) අංශය වන අතර එහි වටිනාකම වොන් ට්‍රිලියන 17.8ක් ලෙස සටහන් වේ.
දැනුම මත පදනම් වූ මෙම කර්මාන්තයේ සේවක සංඛ්‍යාව ද 190,000ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් සියයට 28.7ක්ම පශ්චාත් උපාධි හෝ ආචාර්ය උපාධිධාරීන් වීම විශේෂත්වයකි. පර්යේෂණ කර්මාන්තයට අයත් සමාගම්වලින් සියයට 42.8ක්ම තමන්ගේම පර්යේෂණ අංශ පවත්වාගෙන යන අතර, ඔවුන්ගේ සමස්ත පර්යේෂණ සහ සංවර්ධන (R&D) වියදම වොන් ට්‍රිලියන 5.2ක් ලෙස දැක්වේ. දකුණු කොරියාවේ අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව මෙම පර්යේෂණ සමාගම් සිය ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් (සියයට 11.3ක්) පර්යේෂණ කටයුතු සඳහාම නැවත ආයෝජනය කරන බව ද මෙම සමීක්ෂණ වාර්තාව මඟින් හෙළි කර ඇත.














