දරුණු අරමුදල් හිඟයක් හේතුවෙන් දකුණු සුඩානයේ වෙසෙන සරණාගතයින් සහ සරණාගත අපේක්ෂකයින් 650,000කට වැඩි පිරිසකට ඉදිරි සති කිහිපය තුළ ආහාර ආධාර අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනය (UNHCR) පෙන්වා දෙන්නේ, අවශ්‍ය අරමුදල් නොලැබුණහොත් ඔක්තෝබර් මාසයේ සිට කිසිදු සරණාගතයෙකුට ආහාර ආධාර ලබා දීමට නොහැකි වන බවයි. මෙම අර්බුදය හේතුවෙන් ඇතැම් සරණාගතයින් අනතුරුදායක තත්ත්වයන් නොතකා යළි යුධ ගැටුම් පවතින සුඩානය වෙතම ආපසු යාමට පෙළඹී සිටින බවද වාර්තා වේ.
















