දකුණු පළාතේ පිහිටා ඇති බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබෙනවා.
මීගමුව සහ මහර බන්ධනාගාරවල පසුගිය දා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හා සමාන තත්ත්වයක් දකුණු පළාත් බන්ධනාගාරවලද ඇති කිරීමට සූදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මත මෙම රැස්වීම කැඳවා ඇත. ඒ අනුව බූස්ස, ගාල්ල, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල යන බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි ලෙස විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමටත්, හදිසි අවස්ථාවකදී වහා ක්‍රියාත්මක වීම සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් සැකසීමටත් මෙහිදී තීරණය කර තිබේ.














