දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර, අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.













