ලොව විශාලතම මූලික කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වන SpaceX සමාගම, සිය අනාගත ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ආයෝජකයින් වෙත අනතුරු ඇඟවීමක් කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, සමාගම විසින් ඉදිරිපත් කර ඇති රහස්‍ය වාර්තාවක (S-1 filing) දැක්වෙන්නේ අභ්‍යවකාශගත කෘතිම බුද්ධි (Space-based AI) දත්ත මධ්‍යස්ථාන මෙන්ම සඳ සහ අඟහරු මත මිනිස් ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘති තවමත් සනාථ නොකළ තාක්ෂණයන් මත පදනම් වන බැවින් ඒවා වාණිජමය වශයෙන් සාර්ථක නොවීමේ ඉඩක් පවතින බවයි.
ප්‍රකෝටිපති එලොන් මස්ක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතිශය සුබවාදී අනාගත දැක්මට වඩා හාත්පසින්ම වෙනස්, වඩාත් ප්‍රවේශම් සහගත තක්සේරුවක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම ‘Starship’ රොකට්ටුවේ සාර්ථකත්වය මත මෙම ව්‍යාපෘති දැඩි ලෙස රඳා පවතින අතර, එහි සිදුවන ප්‍රමාදයන් සමාගමේ වර්ධනයට සෘජුවම බලපානු ඇති බවද එහි සඳහන් වේ. අභ්‍යවකාශයේ පවතින කටුක සහ අනාවැකි කිව නොහැකි පරිසරය තුළ මෙම AI දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම අතිශය තාක්ෂණික අභියෝගයක් බව ද SpaceX ආයෝජකයන්ට පෙන්වා දී තිබේ. ඇමෙරිකානු සුරැකුම්පත් නීතියට අනුව ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා මෙලෙස අවදානම් සාධක ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ.














