ස්පාඤ්ඤයට සංක්‍රමණිකයන් පැමිණීම නතර වුවහොත් 2050 වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 19%ක් ද, 2075 වන විට 22%ක් ද අහිමි වීමේ අවදානමක් පවතින බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) ප්‍රකාශ කර තිබේ. ඇතැම් පාර්ශව සංක්‍රමණික ප්‍රශ්නය තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන විට, තම රජය රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි සංක්‍රමණික ප්‍රතිපත්තියක් (Migration policy) සකස් කරමින් සිටින බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇත. විවේචකයන් පෙන්වා දෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ සහ සංස්කෘතියේ අනාගත වටිනාකම, හුදු ආර්ථික ලාභ සහ ඉලක්කම් මත පමණක් තක්සේරු කිරීමට අගමැති සැන්චෙස් මෙහිදී උත්සාහ කර ඇති බවයි.
යුරෝපය පුරා සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පවතින දේශපාලන සහ සමාජීය උණුසුම, මෙම ප්‍රකාශයත් සමඟ තවදුරටත් තීව්‍ර වී තිබේ.
















