ඔටෝමන් අධිරාජ්‍යය (Ottoman Empire) සමයේ සිදු වූ “ආර්මේනියානු සමූලඝාතනය” (Armenian Genocide) ඊශ්‍රායලය විසින් නිල වශයෙන් පිළිගැනීමට පියවර ගැනීමත් සමඟ, තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්දගොන් (Recep Tayyip Erdogan) ඊශ්‍රායලයට එරෙහිව දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ගාසා තීරයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු අහිංසක වැසියන් 73,000කට අධික පිරිසකගේ ලෙයින් දෑත් පටළවා ගත් අපරාධකාරී කල්ලියක් විසින් තම රටට එල්ල කරන කිසිදු අපහාසයකට හෝ චෝදනාවකට තමන් කිසිදු වටිනාකමක් ලබා නොදෙන බව අර්දගොන් අවධාරණය කළේය. එමෙන්ම තම රටේ ඉතිහාසය තුළ කිසිදු සමූලඝාතනයක්, සමූහ ඝාතනයක්, මර්දනයක් හෝ යටත්විජිතවාදයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම හේතුවෙන් ඊශ්‍රායලය සහ තුර්කිය අතර පවතින සබඳතා තවදුරටත් දැඩි ලෙස පළුදු වී ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















