• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න

9 August 2022
in සංවර්ධන

ඉන්දියානු රජයේ ආධාර මත දිවයිනේ දකුණු සහ උතුරු පළාත්වල ක්‍රියාත්මක ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව දිවයින පුරා නිවාස 1,800 ක ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි.

පළමු අදියර යටතේ දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති 24 ක්, මාතර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘතිය 01 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති 01 ක් වශයෙන් ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

එහි දෙවැනි අදියර යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 26 කි.

ඉන්දියානු රජය සමඟ ගිවිසුම්ගත පරිදි පළමු සහ දෙවැනි අදියර යටතේ දකුණු පළාතේ ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 1,200 කි. මේ වනවිට නිවාස 465 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එයින් නිවාස 60 ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

දකුණු පළාතේ ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු සහ දෙවැනි අදියර සඳහා ඉන්දියානු රජය මගින් ගිවිසුම්ගත පරිදි ප්‍රදානය කරනු ලබන මුදල රුපියල් මිලියන 600 කි. එම මුදලින් රුපියල් මිලියන 271.33 ක මුදලක් මේ වනවිටත් ලබා දී අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව මන්නාරාම දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති 06 ක්, යාපනය දිස්ත්‍රික්කයේ 04 ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ 04 ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 04 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 06 ක් වශයෙන් උතුරු පළාත තුළ නිවාස ව්‍යාපෘති 24 ක් ක්‍රියාත්මකයි. එම නිවාස ව්‍යාපෘති 24 ට නිවාස 600 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එයින් නිවාස 371 ක වැඩ මේ වනවිටත් ආරම්භ කර ඇත.

ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක ආධාර මුදලක් ප්‍රදානය කරනු ලබයි. එම මුදලින් රුපියල් මිලියන 124.600 ක මුදලක් ලැබී අවසන්ය.

මෙහිදී එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභියකු වෙත රුපියල් ලක්ෂ 5 ක ආධාර මුදලක් සහ භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් එක් ප්‍රතිලාභියකුට රුපියල් 100,000/= ක මුදලක් නැවත අයකර නොගන්නා පදනමින් ලබා දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 20
Previous Post

ගෑස් සඳහාත් මිල සුත්‍රයක්

Next Post

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා – ජනපති

editor

editor

Next Post

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved