ඉන්දියාවේ ස්පයිස් ජෙට් ගුවන් සේවය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිය නියමුවන් රැසකගේ වැටුප් ගෙවීම් මාර්තු මාසයේ සිට පමා වී ඇති බව වාර්තා වේ.
සිය මෙහෙයුම් කටයුතු ස්ථාවර කර ගැනීම සඳහා රජයේ සහය ලබන ණය යෝජනා ක්‍රමයක් යටතේ හදිසි ණය මුදලක් ලබා ගැනීමට සමාගම උත්සාහ කරමින් සිටින බව පැවසේ. මූල්‍ය ගැටලු හේතුවෙන් සේවක වැටුප් අදියර වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බව ගුවන් සමාගම ප්‍රකාශ කරයි.
2019 වසරේ ඉන්දියාවේ දෙවන විශාලතම දේශීය ගුවන් සේවය වූ ස්පයිස් ජෙට්, මේ වන විට එහි වෙළඳපල කොටස 3.4% දක්වා පහත වැටී සිව්වන ස්ථානයට පත්ව තිබේ. මධ්‍යම පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් ගමන් මාර්ග සීමා වීම මෙම මූල්‍ය අර්බුදය තවදුරටත් උත්සන්න වීමට ප්‍රධාන හේතු වී ඇති බව සඳහන් වේ. මීට අමතරව, මෙම වසර තුළ ගුවන් යානා කුලියට දෙන ආයතන අවම වශයෙන් දෙකක්වත් සමාගම වෙත පැහැරහැරීමේ දැන්වීම් (default notices) නිකුත් කර ඇති බවද වාර්තා වේ.
















