• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිගරට් බදු ප්‍රතිශතය 68.8% දක්වා පහළට දුම්කොළ සමාගමේ ලාභය 92.4%කින් ඉහළට

රජයට අහිමි වූ මහා ධනය සහ වර්ධනය වන මරණ රැල්ල

9 June 2026
in දේශීය, පුවත්
සිගරට් බදු ප්‍රතිශතය 68.8% දක්වා පහළට දුම්කොළ සමාගමේ ලාභය 92.4%කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සිගරට් බදුකරණයේ පවතින බරපතල ප්‍රතිපත්තිමය දුර්වලතා සහ ඉන් සමාජයට මෙන්ම රාජ්‍ය ආදායමට සිදුව ඇති දරුණු බලපෑම විද්‍යාත්මක සාක්ෂි සහිතව අනාවරණය කරන විශේෂ දත්ත පත්‍රිකාවක් (Fact Sheet) මත්ද්‍රව්‍ය හා දුම්කොළ තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් 2026 මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. එම දත්ත පත්‍රිකාවට අනුව, 2023 වසරේදී සිගරට් බදු 20%කින් වැඩි කිරීම හේතුවෙන් සිගරට් අලෙවිය මිලියන 521.5කින් (18%ක අඩුවීමක්) පහත වැටී, රජයේ සිගරට් බදු ආදායම රුපියල් බිලියන 7.7කින් ඉහළ ගියද, ඉන් පසුව බලධාරීන් අනුගමනය කළ දුර්වල බදු ප්‍රතිපත්ති හේතුවෙන් එම ජයග්‍රහණ මුළුමනින්ම අහෝසි වී ගොස් ඇත.
ADIC ආයතනය පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිගරට් සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් පැවතිය යුතු බවට නිර්දේශ කර තිබුණ ද, ලංකාවේ වෙළඳපොළ තුළ බහුලවම අලෙවි වන සිගරට් කාණ්ඩයේ බදු ප්‍රතිශතය 74.0% සිට 68.8% දක්වා සූක්ෂ්ම ලෙස කඩා වැටීමට ඉඩ හැර ඇති බවයි. මෙම අත්තනෝමතික බදු සහනය හේතුවෙන් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි 2024 වසරේදී පමණක් රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් බිලියන 9.4කි (රුපියල් කෝටි 940කි). 2017 – 2024 කාලපරිච්ඡේදය තුළ රජයේ සිගරට් බදු ආදායම් වර්ධනය 27.5%ක් වැනි මන්දගාමී මට්ටමක පවතිද්දී, ලංකා දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය 92.4%ක අතිදැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ යාම තුළින්ම මෙම බදු ව්‍යුහය කාහට වාසි සහගත ලෙස සකස් කර ඇත්ද යන්න මනාව පැහැදිලි වේ.
ඇතුළත් කර ඇති ප්‍රස්ථාරික දත්තවලට අනුව, 2000 සිට 2025 දක්වා සමස්ත සිගරට් නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටී තිබුණ ද, දුම්කොළ සමාගමේ ලාභය අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ විද්‍යාත්මක නොවන බදු ව්‍යුහයේ පිහිටෙන් බව තහවුරු වේ. උද්ධමනය සහ ජනතාවගේ ආදායම් වර්ධනයට සාපේක්ෂව බදු සංශෝධනය නොකිරීම නිසා, 2025 වසරේදී සිගරට් නිෂ්පාදනය සහ භාවිතය 5%ක භයානක වර්ධනයක් පෙන්වා ඇත. ලංකාවේ සමස්ත මරණවලින් 83%ක්ම බෝ නොවන රෝග (NCDs) නිසා සිදු වන අතර, දුම්කොළ භාවිතය ඊට ප්‍රධානතම හේතුවකි. මෙරට තුළ දුම්පානය හේතුවෙන් දිනකට වළක්වා ගත හැකි මිනිස් මරණ 50ක් පමණ ද, වාර්ෂිකව මරණ 20,000ක් ද සිදුවන බැවින්, මෙම මාරාන්තික කර්මාන්තයට රැකවරණය දෙන බදු සහන වහාම අහෝසි කර සිගරට් බදු ප්‍රතිශතය WHO නිර්දේශිත 75% දක්වා ඉහළ දැමිය යුතු බව ADIC ආයතනය ප්‍රකාශ කරයි.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ SpiceJet ගුවන් සේවය දැඩි මූල්‍ය අර්බුදයක

Next Post

තලවතුගොඩ වෙළඳසැලක හදිසි ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
තලවතුගොඩ වෙළඳසැලක  හදිසි ගින්නක්

තලවතුගොඩ වෙළඳසැලක හදිසි ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved