සෝනි සහ මාර්වල් සමාගම් එක්ව නිපදවූ Spider-Man: Brand New Day චිත්‍රපටය උතුරු ඇමෙරිකානු සිනමාහල්වල තිරගත වූ තෙවන සති අන්තයේදී අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ආදායමක් උපයා ගනිමින්, එරට සිනමා ඉතිහාසයේ 4 වන ඉහළම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්ව තිබේ. NBC News පුවත් සේවය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එමඟින් චිත්‍රපටයේ සමස්ත ඇමෙරිකානු ආදායම ඩොලර් මිලියන 785.8 දක්වා ඉහළ ගිය බවයි.
මෙම අතිදැවැන්ත ආදායම සමඟින් Avatar (ඩොලර් මිලියන 785.2) චිත්‍රපටයේ වාර්තාව පසුපසට තල්ලු කිරීමට ටොම් හොලන්ඩ් ප්‍රධාන චරිතය රඟපාන මෙම චිත්‍රපටය සමත් වී ඇත. එමෙන්ම තිරගත වී දින 21 ක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර සිනමාහල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 සීමාව (ඩොලර් බිලියන 2.022) පසුකිරීමට සමත්වීම හේතුවෙන් සිනමා ඉතිහාසයේ වේගයෙන්ම ඩොලර් බිලියන 2 සීමාව පසුකළ දෙවන චිත්‍රපටය බවටද මෙය පත්වී තිබේ.














