ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා වන නිලධාරී මණ්ඩලය නම් කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව 2026 මැයි 20 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද නිල ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත.
නම් කරන ලද නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා කටයුතු කරන අතර, සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීහු කටයුතු කරති. ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි රැසක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ශක්තිමත් කිරීම උදෙසා මෙම නව තේරීම් කමිටුව කඩිනමින් සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.














