27 April 2024
#ක්‍රීඩා

ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා සහනයක් – ක්‍රිඩා අමාත්‍යාංශය කටයුතු කරයි

COVID – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධව ස්ථිර මාසික ආදායමක්, රාජ්‍ය හෝ වෙනත් ආකාරයක කිසිදු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාරයක් නොලද ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ඔවුන්ගේ පවතින මූල්‍ය දුෂ්කරතා වලට යම් සහනයක් ලබා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය මගින් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා විසින් අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා සංගම්/සම්මේලන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගම්/සම්මේලන යටතේ සිටින ස්ථිර ආදායමක් හෝ වෙනත් මූල්‍ය ප්‍රතිලාභයක් නොමැති සියලු පුහුණුකරුවන් සඳහා මෙම අර්බුදකාරී තත්වය පහවයන තුරු රු.5,000ක දීමනාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *