ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරප්පාඩු වී තිබූ සභික ධුරය සඳහා ෂහරින් භායිකා මොහොමඩ් ෆවුසි මහත්මිය පත් කර තිබේ. මෙම පුරප්පාඩුව නිර්මාණය වූයේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් කෝට්ටේ මහ නගර සභාවට තේරී පත්ව සිටි කුමාරගේ එරංගා ශිරෝමාලි මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා විසින් ෂහරින් භායිකා මොහොමඩ් ෆවුසි මහත්මියගේ නම යෝජනා කර ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66(1) වගන්තිය ප්‍රකාරව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරිනී පියුමි ආටිගල මහත්මිය විසින් ෂහරින් භායිකා මොහොමඩ් ෆවුසි මහත්මිය එම මහ නගර සභාවේ නව සභිකවරියක ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
















