ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ඝාතකාගාරවල වැඩිම එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාවක් (28,388ක්) ඝාතනය කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, වැඩිම ගවයින් සංඛ්‍යාවක් (30,190ක්) ඝාතනය කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කකයෙනි.
2025 වසරේදී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත ගවයින් සංඛ්‍යාව 156,270ක් වන අතර, එය 2024 වසරට (164,177ක්) සාපේක්ෂව පහත වැටීමකි. එසේම, 2025 වසර තුළ වාර්තා වූ සමස්ත එළුවන් සහ බැටළුවන් ඝාතන සංඛ්‍යාව 44,755කි. කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් කිසිදු එළුවන් හෝ බැටළුවන් ඝාතනය වීමක් වාර්තා වී නොමැත.














