2027 අයවැය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
කොළඹදී පැවති ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වැනි ජාත්‍යන්තර සමුළුව අමතමින් ඇය සඳහන් කළේ, අනාගත පරපුරට දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් වෙනුවට පිරිසිදු හා හරිත පරිසරයක් උරුම කර දිය යුතු බවයි.
Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ 2027–2029 කාලසීමාව තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනය පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
පරිසර අධ්‍යාපනය, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථික සංකල්ප පාසල් විෂය මාලාවට ප්‍රායෝගිකව ඇතුළත් කිරීමටත්, “හරිත පාසල්” සංකල්පය සහ “ශුන්‍ය අපද්‍රව්‍ය” පුරුදු ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බවද ඇය පැවසුවා.
















