ෆීජි අධිකරණයක සාක්ෂි ලෙස ආරක්ෂිතව තබා තිබූ කිලෝග්‍රෑම් 40කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කර, එහි වැඩි ප්‍රමාණයක් වෙනුවට පාන් පිටි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෆීජි ඩොලර් මිලියන 30ක් පමණ වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය 2019 වසරේදී ෆීජි-කැනඩා ජාතිකයෙකු සම්බන්ධ මත්ද්‍රව්‍ය නඩුවකදී අත්අඩංගුවට ගත් ඒවා බව සඳහන්.
සුවා මහා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවක තබා තිබූ මත්ද්‍රව්‍ය තොගය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කුට්ටි 39න් 7ක් අතුරුදන්ව ඇති බව නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉතිරිව තිබූ මත්ද්‍රව්‍යද ව්‍යාජ ඒවා වන අතර, මුල් මත්ද්‍රව්‍ය තොගයෙන් කිසිවක් එහි නොමැති බවයි.
අධිකරණ සේවයේ නිරතව සිටින සහ එම සේප්පුවට ප්‍රවේශ විය හැකි පුද්ගලයන් හයදෙනෙකු පිළිබඳව පොලිසිය සැක පළ කර ඇති අතර, ඉන් එක් අයෙකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති බව ෆීජි පොලිස් කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.
මෙම සොරකම සිදුවූ නිශ්චිත කාලය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
















