ලබන 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
අයවැයට අදාළ කාලසටහන පහත පරිදි වේ:
අමාත්‍යාංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව, එම පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරෙනු ඇත. විසර්ජන පනත් කෙටුම්පතේ පළමු වර කියවීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කිරීමට නියමිතය.
අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 වැනි දින සිට 20 වැනි දින දක්වා පැවැත්වෙන අතර, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 21 වැනි දින ආරම්භ වී දෙසැම්බර් මස 14 වැනි දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
















