2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් ආදායම් බදු ගෙවීම අද (30) සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දී තිබෙනවා.
සමාගම්, පුද්ගලික සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවන බදු ගෙවන්නන් සඳහා ගෙවීම් කාල සීමා සංකේතය ලෙස **25260** භාවිත කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව සමාගම් ආදායම් බදු සඳහා Tax Type Code 02, පුද්ගලික ආදායම් බදු සඳහා Tax Type Code 05 සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු සඳහා Tax Type Code 09 යොදාගත යුතුයි.
බදු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට හැකි අතර, ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස්ද ගෙවීම් සිදුකළ හැකියි.
අවසන් දිනයෙන් පසුව ගෙවීම් සිදුකිරීමේදී පොලී සහ දඩ මුදල් අය කෙරෙන බැවින් නියමිත දිනට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
වැඩිදුර තොරතුරු සඳහා **1944** ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අමතන ලෙසද දැනුම් දී තිබෙනවා.
















