• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ප්‍රධානත්වයෙන්

22 August 2026
in දේශීය, පුවත්
උඩවලව ගම්කොරිය හන්දියේදී  යතුරුපැදිය අනතුරට ලක්වී 47 හැවිරිදි අයෙක් මරුට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පළාත් සභා සඳහා 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පළාත් මට්ටමින් මේ වන විට සංවර්ධන ව්‍යාපෘති 30,923ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මධ්‍යම රජය සහ පළාත් සභා එක් ප්‍රතිපත්තියක් තුළ, තම විෂය සීමාවට අයත් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ජාතික ප්‍රතිපත්ති මත පිහිටා වැඩසටහන් සැලසුම් කිරීම මධ්‍යම රජයට පැවරෙන බවත්, ඒ මත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා මට්ටමින් සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙහිදී ව්‍යාපෘති ද්වීකරණය වැළැක්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ දත්ත සහ තොරතුරු කාර්යක්ෂමව හුවමාරුව, මනා සම්බන්ධීකරණකින් සිදු විය යුතු බවත් එමඟින් අනවශ්‍ය ව්‍යාපෘතිවලට සම්පත් නාස්තිවීම වැළැක්වීමට මෙන්ම අත්‍යවශ්‍ය ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම විදේශ ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති උපරිමයෙන් සාර්ථක කර ගනිමින් නිසි කලට අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දැඩි මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, නියමිත වියදම් සීමා ඇතුළත සිට කටයුතු සැලසුම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වසරේ වැඩකටයුතු නියමිත වේලාවට ආරම්භ කළ හැකි වන පරිදි නොවැම්බර් මාසය වන විට සියලුම ව්‍යාපෘතිවල සැලසුම් සකස් කර අවසන් කරන ලෙසද උපදෙස් දුන්නේය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් සභා යන ආයතන 03ක් යටතේ සිදු කෙරෙන වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික මට්ටමේ ඒකාබද්ධ සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ විවිධ බාහිර ව්‍යාපෘති යටතේ විසිරි පවතින වැව් ප්‍රතිසංස්කරණ කටයුතු එක් මධ්‍යගත ස්ථානයකට ගෙන ඒමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කෙරෙන එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා යල කන්නයෙන් පසුව මහ කන්නය ආරම්භ වීමට පෙර පවතින කෙටි කාලය තුළ කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල ධාරිතාව වැඩි කිරීම සහ ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබා දී ඇති ප්‍රතිපාදන යොදවමින් ප්‍රමුඛතාවක් සේ සලකා එම කටයුතු කඩිනම් කරන ලෙසද උපදෙස් දුන්නේය.
පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වන්නේ දරුවන්ට සිදු වන අසාධාරණය වැළැක්වීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සිසුන් 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරීමේදී එම පාසල් වෙත ගොස් එම පාසල්වල භෞතික තත්ත්වය සහ දත්ත අධ්‍යයනය කරමින් තීරණ ගැනීමේ වැදගත්කමද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට හෝ අවශ්‍ය නම් දීමනාවක් ලබා දීමට රජය සූදානම් බවද සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් මෙම සැලසුම් කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සමූපකාර යාන්ත්‍රණය සහ පළාත් සභා අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර සමූපකාර යාන්ත්‍රණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ යන්ත්‍රෝපකරණ සැපයීම ආදි කටයුතු සඳහා පළාත් සභා දායක වෙමින් සිටින බව සඳහන් කෙරිණි.
සියලු පළාත් සභාවල මතුව ඇති පොදු ගැටලුවක් වන තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර තාක්ෂණික සහායක නිලධාරීන් බඳවාගෙන ඔවුන් පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන අතරින් රුපියල් බිලියන 102ක් පළාත් සභා වෙත ලබා දී තිබෙන අතර ඊට අදාළ ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 10
Previous Post

ඉතාලිය බලා ගිය සංක්‍රමණික බෝට්ටුවක් මුහුදේ ගිලෙයි

Next Post

රිය අනතුරු අවම කිරීමට යතුරුපැදිකරුවන්ට වෙනම මංතීරුවක් වෙන් කිරීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved