මාතර දෙණියාය අඩවියට අයත් පනිල්කන්ද රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළු වී මාර්ගයක් ඉදිකළ පුද්ගලයෙකු දෙණියාය කැකුන්දෙණිය වන ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන්ගේ පෞද්ගලික ඉඩමට ප්‍රවේශ වීම සඳහා අදාළ සැකකරු විසින් රක්ෂිතය හරහා මෙම මාර්ගය සකස් කර ඇති අතර, ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මත ප්‍රදේශයේ පදිංචි තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වේ. වන සංරක්ෂණ ආඥා පනත යටතේ මොවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට නියමිත අතර, රක්ෂිතවලට අනවසරයෙන් ඇතුළු වීම සහ හානි කිරීම බරපතළ වන අපරාධයක් බව පරිසර අමාත්‍යාංශය අවධාරණය කරයි.
















