දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුම් සහ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (13) දින සිදු කළ වැටලීම්වලින් විවිධ අපරාධ, වරෙන්තු සහ මත්ද්‍රව්‍ය චෝදනා මත පුද්ගලයින් 1,419 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් වාර්තාවන්ට අනුව, සාමාන්‍ය අපරාධ සහ විශේෂ මෙහෙයුම් යටතේ සැකපිට පුද්ගලයින් 527ක්, සෘජු අපරාධකරුවන් 26ක්, වරෙන්තුකරුවන් 126ක්, බීමත් රියදුරන් 50ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් කළ පුද්ගලයින් 101ක් ඇතුළුව 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 740ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් මෙරට පුරා සිදුවූ සමස්ත අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 1,419ක් ලෙස සටහන් වේ. තවද රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,316 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ගෙන් කිහිප දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීම සහ පුනරුත්ථාපනයට යොමු කිරීම වැනි ඉදිරි නීතිමය පියවර ගෙන තිබේ.














