සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා” ජංගම සුවසහන වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් මාතර වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී නිමාවට පත්විය. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම විශේෂ සුවසායනය හලල්ල බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණි. ප්‍රදේශයේ පිරිසකට සෞඛ්‍ය පහසුකම් සමීප කරවීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සේවාවන් ලබාදීමට මෙහිදී කටයුතු සලසා තිබුණි.
මෙම සමස්ත වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් සාර්ථක අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙවැනි වැඩසටහන් මගින් ග්‍රාමීය මට්ටමින් ජනතාවට ඇති සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් සැපයීමටත් වැඩි ඉඩකඩක් වෙන්වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.














