කොළඹ සහ අවට ප්‍රදේශ අතර ප්‍රධාන මාර්ගයේ පවතින රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින්, ඔුරුගොඩවත්ත – අඹතලේ ප්‍රධාන මාර්ගයේ ඉදිකෙරෙන ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා OPEC ජාත්‍යන්තර සංවර්ධන අරමුදල සහ සෞදි සංවර්ධන අරමුදල මූල්‍ය දායකත්වය සපයයි. මෙහි ඉදිකිරීම් කටයුතු ඊඑල්එස් කන්ස්ට්‍රක්ෂන් (ELS Construction) ආයතනය විසින් සිදු කරනු ලබයි.
රුපියල් බිලියන 1.546ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ඉදිකෙරෙන මෙම පාලම් තුනෙන්, 2025 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලද 2/3 දරන කළු පාලම සහ 9/1 පාලම මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට නියමිතය. තවද, මේ වසරේ පෙබරවාරි මාසයේදී වැඩ ආරම්භ කරන ලද 4/1 පාලමේ ඉදිකිරීම් 2027 මැයි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
කිලෝමීටර 7.7ක් දිගු ඔුරුගොඩවත්ත – අඹතලේ මාර්ගය ඔස්සේ පිහිටි පාලම් 8ක් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ඉන් පාලම් 5ක් මේ වන විටත් නිම කර ඇත. මෙම පාලම් 8 සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 2.5ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. මීට අමතරව, පාලම් සංවර්ධන වැඩසටහනට සමාන්තරව මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇති බව විදේශ ආධාර ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.කේ. බද්දේගම මහතා සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ සංචාරක හා ප්‍රවාහන ප්‍රමාදයන් අවම වී ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සැලසෙනු ඇත.
















