අභියාචනාධිකරණයේ සභාපති, ජනාධිපති නීතිඥ නාලින් රොහාන්ත අබේසූරිය මහතා සැප්තැම්බර් 24 වැනි දින දක්වා විදෙස්ගත වීමට නියමිතව තිබීම හේතුවෙන්, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙතෙම වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දී ඇති අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.












