පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 02ක්, T-කටස් වර්ගයේ අවි 05ක්, ගල්කටස් වර්ගයේ අවි 02ක්, විවිධ වර්ගයේ පතුරම් 600කට අධික ප්රමාණයක් සහ අත්විලංගු 02ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කඩවත මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබයි.












